බි්රතාන්යයේ විලියම් කුමරු සහ වසර ගණනාවක් ඔහුගේ පෙම්වතිය වූ කේට් මිඩ්ල්ටන් එකිනෙකාගේ අතිනත ගත්තේ මීට නොබෝ දිනකට පෙරයි. එම රාජකීය විවාහයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් කේට් මිඩ්ල්ටන්ගේ සුරූපී සහෝදරිය වන පිප්පා මිඩ්ල්ටන්ට චිත්රපට දර්ශනයක රගපෑම සදහා ආරාධනාවක් ලැබී තිබෙනවා. විශේෂත්වයක් වන්නේ මෙම ආරාධනාව ලැබී ඇත්තේ කාමුක චිත්රපටියක් සදහා වීමයි.
වැඩිහිටියන් වෙනුවෙන් කාමුක චිත්රපට නිපදවන Vivid Entertainment සමාගම මෙම චිග්රපටය නිපදවනවා. ඔවුන් විසින් පිප්පා මිඩ්ල්ටන්ට ගෙවීමට එකග වී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 05 ක්.
පිප්පා මිඩ්ල්ටන් දැනට 27 වන වියේ පසුවනවා. විලියම් - කේට් රාජකීය විවාහයේ දෙවන මනාළිය වූයේ ද ඇයයි.
චිත්රපටයේ දර්ශනයක් සදහා පෙනීසිටීමට කේට් මිඩ්ල්ටන්ගේ සහෝදරයා වන ජේම්ස් මිඩ්ල්ටන්ටද ආරාධනා ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් ගෙවීමට එකග වී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියනයක්.
පිප්පා මිඩ්ල්ටන්ගේ සහ ජේම්ස් මිඩ්ල්ටන්ගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් ඉකුත් සතියේදී අන්තර් ජාලයේ පළකෙරුණා. කාමුක චිග්රපටක් සදහා ඔවුන්ට ආරාධනා ලැබී ඇත්තේ එය ද සැලකිලිට ගෙන වන්නට ඇතැයි විශ්වාසය පළවනවා.
0 comments:
Post a Comment