skip to main |
skip to sidebar
ඇමති පාඨලී ආරණ්‍යවාසනයට
2600 වන ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා හිස මුඩුකර සුදුවත් ඇද දස සිල් සමාදන්ව ආරණ්‍ය ගත වුණා. ඒ දින 10 ක් සදහායි. හිස මුඩුකර සුදුවත් හැදීම සහ දස සිල් සමාදන්වීම බොරැල්ල ගෝතමී පාර සදහම් සෙවණේදී ඊයේ (05/08* සිදු කෙරුණා. බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල සහ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ යන මහත්වරුන් ඇතුලූ තවත් 25 දෙනෙකුද මෙලෙස දස සිල් සමාදන්ව ආරණ්‍ය ගත වුණ. ඒ සදහා තෝරාගෙන ඇත්තේ කදුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයයි. ආරණ්‍යගතව සිටින කාලයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සියලූ රාජකාරීවලින් බැහැරව සිටිනු ඇති. ආරක්‍ෂක නිලධාරීන්ගේ සේවය ලබාගැනීමද සිදුවන්නේ නැහැ. දානය සපයා ගන්නේ ප‍්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන්ග 2600 වන ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු යන තේමාව ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවීම මෙහි අරමුණ වනවා
0 comments:
Post a Comment