හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි පුවත්පත් කිහිපයක අද (දෙසැ.19)පළවූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට නොහැකි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා පැවසුවේ සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදෙන්නේ දැයි ප්‍රකාශ කළ හැක්කේ හැක්කේ ජනාධිපතිවරයාටම පමණක් බවයි.
සරත් ෆොන්සේකා මහතා දෙවන යුද අධිකරණය විසින් පනවන ලද මාස 30 ක සිරදඩුවමකට සහ මහාධිකරණය විසින් පනවන ලද වසර 03 ක සිරදඩුවමකට ලක්ව සිටිනවා. ඒ මහතාට සමාව ලබාගැනීම සදහා මාස 02 ක් තිස්සේ ජනාධිපතිවරයා සම`ග සාකච්ඡුා කරන බවයි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ටිරාන් අලස් මහතා ඊයේ (දෙසැ.18) ප්‍රකාශ කළේ. ලබන ජනවාරි 01 වනදා සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි පුවත්පත් කිහිපයක් අද වාර්තාකර තිබුණා.
0 comments:
Post a Comment