දූෂණ සහ අක‍්‍රමිකතා වළක්වාලීමේ ලෝක්පාල් කෙටුම්පත ඉන්දීය පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කෙරුණා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 253 වැනි වගන්තිය යටතේ එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි පාලක කොංග‍්‍රස් පක්ෂය පවසන්නේ. දූෂණ හෝ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් අග‍්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට පවා දඬුවම් කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කර ගත යුතු බවයි ඉන්දියාවේ මෙන්ම අන්තර්ජාතික දූෂණ විරෝධීන් අවධාරණය කළේ. ගාන්ධි වාදියෙකු වන අන්නා හසාරේ අවස්ථා කිහිපයකදී මාරාන්තික උපවාසයන්ගේ නිරත වූයේද එ් බව අවධාරණය කිරීමටයි.
0 comments:
Post a Comment