නොරොච්චෝලේ විදුලිජනනය තවත් පමා වෙයි.

Saturday, January 07, 2012

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් විදුලි ජනනය යළි ආරම්භ කිරීම තවත් ප‍්‍රමාද වනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එම බලාගාරයෙන් විදුලිජනනය නතර කර තිබෙන්නේ පෙරේදා (ජන 07) රාති‍්‍රයේ සිටයි. ගල්අඟුරු දහන යන්ත‍්‍රයක ඇති වූ ගින්නක් ඊට හේතු වුණා. ඊයේ රාති‍්‍ර වන විට විදුලිජනනය යළි ආරම්භ කිරීමට හැකිවන බවයි මුලින් ප‍්‍රකාශ කෙරුණේ. එහෙත් හානි වූ යන්ත‍්‍රය අලූත්වැඩියා කිරීමට අපේක්ෂා කළාට වඩා වැඩි කාලයක් වැය වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එම යන්ත‍්‍රයේ කොටස් බොහෝමයක ගල් අඟුරු, තාර ලෙස බැඳී ඇති  බවයි ඉංජිනේරුවන් දැනුම් දී තිබෙන්නේ. ඒවා ඉවත් කළ හැක්කේ යන්ත‍්‍රය කොටස්වලට ගැලවීමෙන් බවද, යළි සවි කිරීමෙන් පසු විදුලිජනනය ආරම්භ කිරීමට පෙර යන්ත‍්‍රය පැය 6කට වැඩි කාලයක් සකි‍්‍රය කර තැබිය යුතු බවද ඉංජිනේරුවන් දැනුම් දී තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum