දඹදිව වන්දනා සංචාරක නියෝජිත ආයතන මගින් සහ වන්දනාකරුවන්ගෙන් මුදල් අයකිරීමට බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා ගත් තීරණයක් අග‍්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද අත්හිටුවා තිබෙනවා. එක් වන්දනා සංචාරයකින් රුපියල් 2500 ක මුදලක් අය කිරීමටයි තීරණය කර තිබුනේ. අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ කිසිදු දැනුම් දීමකින් තොරව අමාත්‍යංශ ලේකම්වරයා මෙම පියවර ගෙන ඇති බවයි. එය අසාධාරණ බව ඔහු පවසනවා.
මේ අතර දඹදිව ඇතුළු විදේශ වන්දනා ගමන් සංවිධානය කිරීම සදහා නව ක‍්‍රියාපටිපාටියක් හදුන්වාදීමට රජය සූදානම් වනවා. බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කරන්නේ ඒ සදහා විශේෂ සාකච්ඡවක් ලබන 20 වනදා පැවැත්වෙන බවයි. අදාළ සාකච්ඡවට බෞද්ධ ආගමික වන්දනා ගමන් සංවිධානය කරන සියළුම ආයතන කැදවන බව අමාත්‍යංශය ස`දහන් කළා. අවශ්‍ය තොරතුරු 0112 30 74 05 යන දුරකතන අංකයෙන් විමසිය හැකි බව අමාත්‍යංශය පවසනවා.
0 comments:
Post a Comment