ශ‍්‍රී ලංකාව සහ කටාර් නව ගිවිසුම් නවයකට බැදේ

Monday, January 16, 2012

ශ‍්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය ද්විපාර්ශවික ගිවිසුම් 09 කට ඊයේ (ජන 15) අත්සන් තැබුවා. ඒ, දෙරටේ රාජ්‍ය නායකයන් අතර ජනාධිපති කාර්යාලයේ දී කෙරුණු සාකච්ඡා වලින් පසුවයි. කටාර් හී රාජ්‍ය නායකයා වන එමීර් ෂෙයික් හමාඞ් බින් කලීෆා අල්තානී මහතා ඊයේ පස්වරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණියා. ඒ මහතා පිළිිගනු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා විසින්.







ශ‍්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර ඉහළ පෙළේ ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීම ඊයේ අත්සන් තැබුණු පළමු ගිවිසුම වනවා. දෙරට අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධයෙන් සහයෝගීතාව ශක්තිමත් කිරීම ඊයේ අත්සන් තැබුණු දෙවන ගිවිසුමේ අපේක්ෂාවයි. ආර්ථික, වාණිජ හා තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ගිවිසුමකට සහ සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ගිවිසුමකට ද අත්සන් තැබුණා. අත්සන් තැබුණු තවත් ගිවිසුමක අපේක්ෂාව වන්නේ දෙරට අතර නෛතික සහයෝගීතාව ශක්තිමත් කිරීමයි. සංචාරක ක්ෂේත‍්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ, දෙරට අතර ගුවන් සේවා ආරම්භ කිරීමේ ඉඩම් ආයෝජන වැඩි කිරීමේ සහ සෙසු ආයෝජන වැඩි කිරීමේ ගිවිසුම්වලට ද අත්සන් තැබුණා.  

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum