පූජා උමාශංකර්, ඇය ඉන්දීය රගංන ශිල්පිනියක් වුව ද දැං ශ්‍රි ලංකිකයෙකු තරමටම ශ්‍රී ලාංකාවට සමීප වෙලා. සිනමාවෙන් සමුගන්නා බව කියා තිබූ ඇය මේ දවස්වල ආයෙත් රිදී තිරයේ හැඩ වැඩ පානවා. ඒ කුස පබා චිත්‍රපටයේ දීයි. ඒ ගැනත් තවත් දේ ගැනත් ඇය සමග "දිවයින" ඉරිදා සංග්‍රහය කළ සංවාදයකින් කොටසක් මේ.
පබා කියන්නද පූජා කියන්නද.... මේ දවස්වල කැමති මොන නමටද ?
පබා තමයි ලස්සන........ හැම කෙනෙක්ම මේ දවස්වල මට කතා කරන්නේ පබා කියලා. එයාර්පෝර්ට් එකෙන් ගොඩබහිද්දීත් ආ පබාවතී ඇවිල්ල කියලා ගොඩක් අය කිව්වා. පූජා සහ පබා කියන නම් දෙකටම කැමතියි.
පබාවතී ගැන පූජාට හිතෙන්නේ මොනවද ?
කෙනෙකුගේ පිටත ලස්සන විතරක් නොවේ හදවතත් ගතිගුණත් දැකිය යුතුයි. ඒත් පබාවතී කුසගේ දකින්නේ බාහිර පෙනුම විතරයි. බාහිර පෙනුම කෙටි කාලෙකදී නැතිවෙලා යනවා. අභ්‍යන්තර ලස්සන එහෙම නැහැ. මෙය පබාවතී තේරුම් ගන්නේ ප‍්‍රමාද වෙලා. පබාවතී හරිම මුරණ්ඩුයි.
පූජා ඇත්තම කියන්න කුසපබා ඔබේ අවසන් චිත‍්‍රපටයද ?
හම්මෝ මිලියන් ඩොලර් ප‍්‍රශ්නයක්... මම දන්නේ නෑ. මොනවද කියන්නේ කියලා. හුඟක් කතා කළොත් වරදක් වේවි. මට නම් මොකුත් කල්පනා වෙන්නේ නැහැ. හෙට මොනවද කරන්න කියලාවත් ඔලූවට එන්නේ නෑ. හිතෙන්නම කුසබපා ගැන.
කුසපබා අවසන් චිත‍්‍රපටය කියලනේ ඔබ කිව්වේ?
එහෙම කිව්වා තමයි. ඊට කලිනුත් එහෙම කිව්වා. මම ආයෙත රඟපාන්න නැති නිසා හොඳට කෑවා බිව්වා. ව්‍යායාම කළෙත් නැහැ. ඒ නිසා මහත් වුණා. දැන් අයෙත් ජිම් එකකට යන්න වෙනවා. දැන් මම මහතයි. රඟ නොපාන්නත් පුළුවන්. අප්පා කැමති නෑ අයෙත් රඟපානවට.
දැන් කසාද බඳින්න කාලය අවිත්ලූ.
හොඳ හොඳ යෝජනා ආවා. ඒ ඔක්කොම පිටරට අය. අප්පාගේ නෑයොත් ඒ අය අතර හිටියා. ඒ අය හදන්නේ බැඳලා පිටරට යන්න. කවදද එන්ගේජ් වෙන්නේ කියලා ඇහුවාම මම කිව්වා මම එන්නේ නැහැ පිටරට යන්න කියලා.
ඔහු ලාංකිකයෙක් නම් ?
ඉන්දියාවේ කෙනෙක් බැන්දොත් නම් රඟපාන්න දෙන එකක් නැහැ. මම හරිම සතුටුයි ශී‍්‍ර ලාංකිකකයෙකුට. ලංකාව මගේ ගෙදරනේ . මම බැංග්ලෝර්වල මගේ ගෙදරට යන්නේ ඒ ගේ ශුද්ධ කරලා එන්න විතරයි මම බැංග්ලෝර්වලට යන්නේ. මගේ පාස්පෝට් එක බලන්න. වැඩිපුරම ඇවිත් තියෙන්නේ ලංකාවට.
ඔබේ සැමියා වෙන්න නම් තිබිය යුතු සුදුසුකම් මොනවාද ?
එයා හිඟන්නෙක් වුණත් කමක් නැහැ. ඔහු මාව හොඳින් තේරුම්ගත යුතුයි. ඕනෑවට වඩා නීති දාන්න බැහැ. තේරුම් ගැනීම විශ්වාසය සහ මා කෙරෙහි ගෞරවයක් ඔහුට තිබිය යුතුයි. එතකොට තමයි ආදරයක් උපදින්නේ. මම රඟපාන්න ආසයි. සැමියා කැමති වුණොත් රඟපානවා. ඒත් ඒ ඉඳලා හිටලා. බිරිඳක් වූ පසු සැමියාගේ දරුවන්ගේත් කටයුතුවලට මුල්තැන දෙන්න ඕනෑ. පවුල අංක එක.
ඔහු නළුවෙක් නම්.

විවාහය මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවද ?
මේ අවුරුද්දේ බඳින්න වෙනවා. අම්මා කියනවා මැයි මාසෙට පස්සේ හොඳ විවහා යෝගයක් තියෙනවලූ. බලමු කොහේ ඉඳලා එන කුස කෙනෙක්ද කියලා.
0 comments:
Post a Comment