අමෙරිකාවෙන් පකිස්ථානයට ආයෙත් ගුවන් ප්‍රහාර

Wednesday, January 11, 2012

පකිස්තානයේ උතුරු වසරිස්ථාන ප‍්‍රදේශයට නැවත වරක් අමෙරිකානු ගුවන් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප‍්‍රහාරයෙන් පකිස්තානුවන් 3 දෙනෙකුවත් මියගොස් ඇති බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. 

මේ අතර පකිස්තානයේ වයඹ දිග ප‍්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් හැටකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. පිපිරීමට ලක්වූ බෝම්බය දුරස්ත පාලකයකින් කි‍්‍රයාත්මක කර ඇතැයි විමර්ශනවලින් හෙළි වුණා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum