ලෝකයේ සිටින ධනවතුන්ගෙන් භාගයකටත් වැඩි පිරිසක් ජීවත් වන්නේ අමෙරිකාවේ බව ලෝක බැංකුව පවසනවා. එහි ආර්ථික විද්‍යඥ බ‍්‍රන්කෝ මිලානොවික් පවසන්නේ බදු ගෙවීමෙන් පසු වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් 34,000 ඉක්ම වන්නන් ධනවතුන් ලෙස සළකන බවයි. එවැන්නන්ගේ සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් සියයට 1 ක් පමණ බව ද ප‍්‍රකාශ කෙරුණා. ඔවුන්ගෙන් මිලියන 29 ක් අමෙරිකාවේ ජීවත් වන්නන්. තවත් මිලියන 4ක් දෙනා ජර්මනියේ ජීවත් වන්නන් වනවා. ධනවතුන් වැඩි පිරිසක් ජීවත් වන ආසියාතික රටවන්නේ ජපානයයි. එරට ජීවත් වන ධනවතුන්ගේ සංඛ්‍යාව මිලියන 02 ක් වනවා.
0 comments:
Post a Comment