ඉන්දීය රංගන ශිල්පිනියන් ශ්‍රී ලංකවේ සිනමාවට පිවිසීම අළුත් දෙයක් නෙමෙයි. එත් ශ්‍රී ලංකාවේ රූ රැජිණක වූ ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ඉන්දීය සිනමාවට පිවිසීම අළුත් දෙයක් වුණා. දැන් ශ්‍රී ලංකාවේ තවත් රූ රැජිණක් ඉන්දීය සිනමාවට පිවිසීමට සුදානම් වනවා. ඇය 2009 වසරේ දී දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගනිමින් එම වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක රූ රැජිණ තරගාවලිය නියෝජනය කළ ගම්‍යා ප්‍රසාදිනී විජේදාසයි. එහිදී ඇය අවසන් තරගකාරිණියන් 25 දෙනා අතරට තේරීමට ද සමත්වූණා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ගාම්‍ය රංගනයට සූදානම් වන්නේ මනිෂ් මනික්පූරි අධ්‍යක්ෂණය කරන ,අලාප්, චිත්‍රපටයේයි. කෙසේවෙතත් ගාම්‍යා පෙනී සිටිනු ඇත්තේ මෙම චිත්‍රපටයේ ගීතයකට පමණයි. කණිකා ජෝශි හා බොනී චක්‍රබෝර්ති ගීතය ගායනා කරනවා.
0 comments:
Post a Comment