ගෑස්, කිරි පිටි සහ සිමෙන්ති මිළ අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ නැංවෙනවා. කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ බව ප‍්‍රකාශ කළේ සමූපකාර හා අභ්‍යන්තර වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතායි.
සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පැවති මිළ රුපියල් 2046 ක්. අද මධ්‍යම රාත‍්‍රියේ සිට එම මිළ රුපියල් 2396 ක් දක්වා ඉහළ නැංවෙනවා.
කිලෝග‍්‍රෑම් 01 ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක පැවති මිළ රුපියල් 647 ක්. අද මධ්‍යම රාත‍්‍රියේ සිට එම මිළ රුපියල් 810 ක් දක්වා ඉහළ නැංවෙනවා. ග‍්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක් අද මධ්‍යම රාත‍්‍රියේ සිට අලෙවි කෙරෙන්නේ රුපියල් 325 කටයි.
මේ අතර ළදරු කිරිපිටි සදහා පාලන මිළක් හදුන්වාදීමට තීරණය කර තිබෙනවා. එම පාලන මිළ කුමක්දැයි ලබන අගහරුවාදා වන විට ප‍්‍රකාශ කළ හැකි බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ.
0 comments:
Post a Comment