ආනයනය කරනු ලබන ටින් මාළු සහ ශීතකළ මාළු විකිරණවලින් දූෂණය වී ඇත්දැයි පරීක්ෂාවට ලක්කිරීමට ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය සූදානම් වනවා. පළමු පියවර ලෙස ආනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.
ඉකුත් වසරේ මාර්තු මාසයේදී ජපානයේ සිදු වූ මහා භූ කම්පනයකින් එරට ෆුකුෂිමා බලාගාරය අනතුරට ලක්වුණා. ඒ නිසා සිදුවු විකිරණ කාන්දුවෙන් ආනයනය කරනු ලබන ටින් මාළු හෝ ශීත කළ මාළු දූෂණය වී තිබීමේ අවධානමක් පවතින බවයි ශ‍්‍රී ලංකා පරමානුක බලශක්ති අධිකාරිය පවසන්නේ. ඒවා පරීක්ෂාවට ලක්කිරීමට සූදානම් වන්නේ ඒ නිසා බවද ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර ලබන සතියේ පැවැත්වෙන වැඩමුළුවෙන් පසු ආනයන කරනු ලබන ටින් මාළු හා ශීත කළ මාළු වෙළ`දපළට නිකුත් කිරීමට නම් විශේෂ අනුමැතියක් ලබාගත යුතුයි. ඒ ස`දහා වූ ක‍්‍රමෝපායන්ද වැඩමුළුවේදී සකස් කරන බවයි ප‍්‍රකාශ කෙරුණේ.
0 comments:
Post a Comment