දන්සල් දෙද්දි මේ ගැනත් හිතන්න

Saturday, May 05, 2012


දන්සැල් ලබාදීමේදී සෞඛ්‍ය ආරක්ෂිත පියවර සම්බන්ධයෙන් උනන්දු වන්නැයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප‍්‍රදීප් කාරියවසම් මහතා සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. එම ආරක්ෂිත පියවර කිහිපයක් මෙසේයි 

  • දන්සල ලබාදීමට පැයකට හෝ දෙකකට පමණ පෙර සකස් කළ ආහාර පමණක් දන්සලේදී ලබාදෙන්නx එනම් සකස් කර පැය කිහිපයක් ගත වූ ආහාර ලබාදීමෙන් වලකින්නx
  • පානීය ජලය ලෙස නළ ජලය පමණක් යොදා ගන්නx තවද ඒවා උණු කර නිවා ගන්නx 
  • ආහාර සැකසීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය ලෙස ප‍්‍රමිතියෙන් යුත් ඒවාම තෝරා ගන්නx 
  • දන්සල් පරිශ‍්‍රය පිරිසිදුව තබා ගන්නx
  • දන්සල අවසන් වීමෙන් පසු අපද්‍රව්‍ය නියමිත පරිදි බැහැර කරන්නx

කොළඹ නගරයේ සියලූ දන්සැල් මහ නගර සභාවේ ලියාපදිංචි විය යුතු බවට රෙගුලාසියක්ද පනවා තිබෙනවා. එ් අනුව දන්සැල් 125ක් පමණ ලියාපදිංචි වූ බවයි වෛi ප‍්‍රදීප් කාරියවසම් මහතා පැවසුවේ. 
මේ අතර දන්සැල් සහ සෙසු පින්කම් සඳහාද සැරසිලි සඳහාද බෞද්ධ ධජය යොදා ගැනීමේදී ඊට අගෞරව නොවන පරිදි කටයුතු කරන්නැයි ආණ්ඩුව මීට ඉහතදී උපදෙස් ලබාදුන්නා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum