ප්‍රංශයත් වමට හැරෙයි

Monday, May 07, 2012


ප‍්‍රංශයේ නව ජනාධිපති ලෙස එරට සමාජවාදී පක්ෂයේ ෆ‍්‍රැන්කොයිස් හොලන්ඬේ තේරී පත්ව සිටිනවා. ඊයේ පැවැත්වූ ඡුන්ද විමසීමේදී ප‍්‍රකාශිත ඡුන්දවලින් සියයට   51 යි දශම 7 ක් හොලන්ඬේට හිමිව ඇති බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. ප‍්‍රතිවාදියා වු වත්මන් ජනාධිපති නිකොලොස් සාකෝසිට ලැබී ඇත්තේ ප‍්‍රකාශිත ඡුන්දවලින් සියයට 48 යි දශම 3 ක් පමණයි. 
මේ අතර 1980 දශකයෙන් පසු සමාජවාදී අපේක්ෂකයෙකු ප‍්‍රංශ ජනාධිපති ලෙස තේරී පත්වූ  පළමු අවස්ථාවද මෙය වනවා. ආධාරකරුවන් ” සාකෝ ඉවරයි ”යැයි සටන් පාඨ කියමින් ජයග‍්‍රහණය සමරන බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. එම ජයග‍්‍රහණය නිසා ප‍්‍රංශ වැසියන්ට යළි බලාපොරොත්තුවක් දීමට හැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් ෆ‍්‍රැන්කොයිස් හොලන්ඬේ ප‍්‍රකාශ කළා. පරාජය පිළිගනිමින් නිකොලොස් සාකෝසි ප‍්‍රකාශ කර ඇත්තේ හොලන්ඬේට සුභ පතන බවයි. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum