පොලිස් ස්ථාන සහ පොලිස් මුරපොල කිහිපයක් අලූතින් පිහිටුවිමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාට උපදෙස් දි තිබෙන්නේ එම පොලිස් ස්ථාන සහ පොලිස් මුරපොල පිහිටුවිය යුත්තේ කුමන ප්‍රදේශවල දැයි නිර්දේශ කරන ලෙසයි. ආරක්ෂක අමාත්‍යංශය විසින් පත් කරන කමිටුවකින් ද නිර්දේශ කැඳවා එම පොලිස් ස්ථාන සහ පොලිස් මුරපොල පිහිටුවීම කඩිනම් කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා. ඊට හේතුන් ලෙස පෙන්වා දී තිබෙන්නේ අපරාධ වැඩිවීම, ජනගහනය වැඩි වීම සහ පොලිස් සේවය වඩා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවයි.
0 comments:
Post a Comment