• Blockquote

    Mauris eu wisi. Ut ante ui, aliquet neccon non, accumsan sit amet, lectus. Mauris et mauris duis sed assa id mauris.

  • Duis non justo nec auge

    Mauris eu wisi. Ut ante ui, aliquet neccon non, accumsan sit amet, lectus. Mauris et mauris duis sed assa id mauris.

  • Vicaris Vacanti Vestibulum

    Mauris eu wisi. Ut ante ui, aliquet neccon non, accumsan sit amet, lectus. Mauris et mauris duis sed assa id mauris.

  • Vicaris Vacanti Vestibulum

    Mauris eu wisi. Ut ante ui, aliquet neccon non, accumsan sit amet, lectus. Mauris et mauris duis sed assa id mauris.

  • Vicaris Vacanti Vestibulum

    Mauris eu wisi. Ut ante ui, aliquet neccon non, accumsan sit amet, lectus. Mauris et mauris duis sed assa id mauris.

කොටකෙතන ඝාතන රැල්ලේ මීළග බිල්ල ?

Saturday, July 21, 2012 0 comments


මවක් සහ දියණියක් නිවසක් තුළ දි පිළිස්සි මිය ගිය කහවත්ත, කොටකෙතන ප‍්‍රදේශයේ තවත් නිවාස 158 ක් එවැනි අපරාධ අවදානමකට ලක්ව තිබෙනවා. පොලිසිය කළ සමික්‍ෂණයකින් හෙලිව තිබෙන්නේ එම ප‍්‍රදේශයේ නිවාස 20 ක කාන්තාවන් හුදෙකලාව ජීවත්වන බවයි. තවත් නිවාස 40 ක කාන්තාවන් පමණක් ජීවත් වන බව ද නිවාස 98 ක වැන්දඹුවන් ජිවත්වන බව ද හෙලිව තිබෙනවා. හුදෙකලාව ජීවත්වන කාන්තාවන්ට සහ පිරිමින් නොමැති නිවාසවල කාන්තාවන්ට පොලිසිය උපදෙස් දී තිබෙන්නේ එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව සහතික කරන තෙක් කිසියම් ඥාතියෙකුගේ නිවසකට මාරු වන ලෙසයි. වටපිටාව සම්බන්ධයෙන් වඩා විමසිලිමත් වන්නැයි වැන්දඹුවන්ට ද උපදෙස් දි තිබෙනවා.  
මේ අතර මෙම වසර ඇතුලත කොටකෙතන ප‍්‍රදේශයෙන් වාර්තා වු ද්විත්ව ඝාතන සංඛ්‍යාව 03 ක්. 

  • පෙබරවාරි මස 02 - මවක් සහ දියණියක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කෙරුණා.
  • මැයි මස 31  -  සහෝදරියන් දෙදෙනකු ඝාතනය කිරීමෙන් පසු නිවසේ දීම පුළුස්සා දමා තිබුණා. 
  • ජුලි මස - මවක් සහ දියණියක් නිවසක් තුළ දී ඝාතනය කර පුළුස්සා දමා තිබුණා.


කොටකෙතනට යාබද  ඕපාත සහ දිබුල්වල යන ප‍්‍රදේශවල ද මෑතදී එවැනි ඝාතන සිදුව තිබෙනවා.  

  • ඕපාත ප‍්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කෙරුණේ ඉකුත් වසරේ දෙසැම්බර් 16 වැනිදායි. 
  • ඉකුත් වසරේ අපේ‍්‍රල් මස 04 වැනිදා දිබුල්වල ප‍්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කෙරුණා. 


ඇමති රිෂාඩ් සොයා සී අයි ඩී යත් මෙහෙයුමකට

0 comments


අමාත්‍ය රිෂාඞ් බදීයූදීන් මහතා මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්‍ධයෙන් විමර්ශන, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙසක් අනුව පොලිස්පතිවරයා විසින් එම තීරණය ගැනුණු බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ. THE TRUTH එහිදී ප්‍රශ්ණ කළේ කථාබහට ලක්වූ උත්ක සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ කඩිනම් කිරීමට ජනාධිපතිවර‍යාගෙන් උපදෙස් ලැබෙන තෙක්ම සිටියේ ඇයි ද යන්නයි. විමර්ශන පෙර සිටිම කඩිනමින් සිදු වූ බවත් ජනාධිපතිවරයාගේ උපදෙසින් සිදුවූයේ එම විමර්ශන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම බව ඊට පිළිතුරැ දෙමින්  අජිත් රෝහණ මහතා පැවසුවා.

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියූදීන් මහතා මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කිරීමෙන් අධීකරණයේ ස්වාධිනත්වයට හානි සිදුවු බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා. එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා පැවසුවේ ඊට විරෝධය පළ කරමින් උතුරේ නීතිඥවරුන් ලබන සඳුඳාත් අධිකරණ කටයුතුවලින් බැහැරව සිටින බවයි. 

උතුරේ පමණක් නොව රටපුරා සියලූ නිතිඥයින් අධීකරණ කටයුතුවලින් බැහැර වුණා. ඒ නිසා ඊයේ දිනයට නියමිතව තිබු නඩු වෙනත් දිනවලට කල් දැමුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

තහනම් "එනසිකා" පිළිකා රෝහලෙන් ඉවතට

Wednesday, July 18, 2012 0 comments


විලවුන් උපකරණ හා ඖෂධ නියාමන ජාතික අධිකාරිය විසින් තහනම් කර තිබියදීත් තවදුරටත් භාවිතයට ගැනුණු එනසිකා හෙවත් ලිග්නෝකේන් හයිඩ්‍රෝක්ලෝරයිඞ් නම් ජෙල් වර්ගය වහාම භාවිතයෙන් ඉවත් කරන්නැයි මහරගම පිළිකා රෝහලට උපදෙස් ලැබී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කෙරුණු එකී උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගබඩාවල තිබෙන එම ජෙල් වර්ගයේ සියලූ තොග රෝහලේ දීම විනාශ කරන ලෙසයි. මුත‍්‍රා බට සහ නාසයට බට යෙදිම වැනි අවස්ථාවලදී යොදා ගැනෙන එම ජෙල් වර්ගය අතුරු ආබාධ ඇති කරන බවත් ප‍්‍රමිතියෙන් බාල බවත් පරික්‍ෂණවලදී තහවුරුවී තිබෙනවා. ඒ බව සැලකිල්ලට ගනිමින් එම ජෙල් වර්ගය තහනම් කෙරුණේ ඉකුත් අපේ‍්‍රල් මස 09 වැනිදායි. එයින් මාස 03 ක් ඉක්ම ගොස් තිබිය දීත් මහරගම පිළිකා රෝහලේ එම ජෙල් වර්ගය භාවිත කරන බව නෙත්එෆ් රේඩියෝවත් THE TRUTH වෙබ් අඩවියත් ඉකුත් 09 වැනිදා අනාවරණ කළා. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අදාල උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ ඉන් අනතුරුවයි. 


ආදර විවාහයන්ට තහනමක්

0 comments

ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් හි අසාරා ගම්මානයේ ආදර විවාහයන් තහනම් කර තිබෙනවා. බී.බී.සී. ලෝක සේවය පවසන්නේ එම ගම්මානයේ නායකයන් විසින් කාන්තාවන්ට තවත් සීමා රැසක් පනවා තිබෙන බවයි. වයස අවුරුදු 40ට අඩු කාන්තාවන්ට තනිවම සාප්පු සවාරි යෑම තහනම් කර තිබෙනවා. නිවසින් බැහැර ස්ථානවලදී ජංගම දුරකතන භාවිතයද ඔවුන්ට තහනම් කර ඇති බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. කාන්තාවන්ගේ ආරක්ෂාව උදෙසා එම සීමා පැන වූ බව ගම්මානයේ නායකයන් පවසනවා. එහෙත් එම සීමා සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය පවසන්නේ. 

බොදු පුද බිමක නාවික හමුදා කදවුරක් ?

0 comments


බෞද්ධ විහාරස්ථාන සහ පුරාවස්තු පිහිටි බිමක් නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකාය විසින් අවිධිමත්ව අත්පත් කරගෙන ඇතැයි නෙත් එෆ් එම් රේඩියෝව ඉකුත් 14 දා අනාවරණ කළා. රජයේ රක්ෂිතයක අක්කර 840ක්ද , කෘෂි ඉඩම් සමූහයක්ද එලෙස අත්පත් කරගෙන ඇති බවයි වැඩිදුරටත් අනාවරණ කෙරුණේ. අම්පාර, ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාගම්වෙල රජයේ කැලෑව එම රක්ෂිතයයි. අත්පත් කරගෙන ඇති සෙසු ඉඩම් ප‍්‍රමාණය අක්කර 380ක් පමණ වනවා. ඒ අම්පාර ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාගම්වෙල ප‍්‍රදේශයෙන් අක්කර 265ක් සහ ශාස්ත‍්‍රවෙල ප‍්‍රදේශයෙන් අක්කර 115ක් වශයෙන්. ඒවාට ඇතුළුවීම නාවික හමුදාවේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැර සෙසු අයට තහනම් කර තිබෙනවා. 
මේ අතර අත්පත් කර ගැනුනු ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන්නේ ඉපැරණි සෙල් ලිපි දෙකක්, කටාරම් සහිත ගල්ලෙන් , ගරා වැටුණු චෛත්‍යයක්, සක්මන් මළුවක් සහ ආරාමද ඇතුළත් පානම සමුද්‍රගිරි විහාරයයි. රාගම්වෙල ප‍්‍රදේශවාසීන් විසින් ඉදිකෙරුණු බැලූම්කාරාරාම විහාරයද ඉපැරණි බිතුසිතුවම් හා ගල්කණුද සහිත මනිනාග පබ්බත විහාරයද අත්පත් කර ගැනුනු ප‍්‍රදේශයේ පිහිටා තිබෙනවා. 
නෙත් නිවුස් වැඩිදුරටත් අනාවරණ කළේ එම ප‍්‍රදේශ අත්පත් කරගෙන ඇත්තේ ඉදිකිරීම් කිහිපයක් සඳහා බවට පසුව කළ සොයා පෙනීගිය බවයි. රණවිරු ගම්මානයක් හෝටල් සංකීර්ණයක් සහ නාවික හමුදා කඳවුරක් ඉදිකිරීමට යෝජිතව ඇතැයි පරිසර සංරක්ෂණ භාරය පැවසුවා. 
කෙසේ වෙතත් නාවික හමුදාවපවසා තිබෙන්නේ කිසිදු ප‍්‍රදේශයක් අවිධිමත්ව අත්පත් කර නොගත් බවයි. උක්ත ප‍්‍රදේශය රජයේ ඉඩම් බවත්, ආරක්ෂක අමාත්‍යංශය විසින් ඒවා පවරා දුන් බවත් නාවික හමුදා ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පවසා තිබෙනවා. රණවිරු ගම්මානයක් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිතව ඇතැයි කෙරෙණ ප‍්‍රකාශයද ප‍්‍රතික්‍ෂෙප කරන බවයි කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා වැඩිදුරටත් පවසා තිබෙන්නේ. නාවික හමුදා කඳවුරක් පමණක් ඉදිකෙරෙන බවද , ඊට හේතුව වෙරළේ හා මුහුදේ ආරක්ෂාව තහවුරු කිරීම බවද අවධාරණය කර තිබෙනවා.

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum