එල්ටීටීඊ යුදමය වශයෙන් පරාජය කර අදට (මැයි 18 )දෙවසරක් සම්පූර්ණ වනවා. ශී‍්‍ර ලංකා මහබැංකුව පවසන්නේ යුද්ධය නිසා අවහිර වී තිබූ ආර්ථික කටයුතු දැන් ප්‍රසාරණය වෙමින් ඇති බවයි.කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන අංශ තුනේම ඉහළ වර්ධන වේගයක් දක්නට ඇතැයි මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ධර්ම ධීරසිංහ මහතා පැවසුවා. මේ නිසා ආර්ථිකයේ සමස්ත වර්ධන වේගය සියයට 10 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි ධර්ම ධීරසිංහ මහතා පෙන්වා දුන්නේ.
1977 වසරේ විවෘත ආර්ථිකය හදුන්වා දුන් අවස්ථාවේද ආර්ථිකයේ මෙවැනි හදිසි පිබිදිමක් ඇති වුණා.මෙවර ඇතිව තිබෙන්නේද එවැනි පිබිදීමක් විය හැකි බවයි ඇතමෙකු පෙන්වා දෙන්නේ.එසේ නොමැතිව ඇතිව තිබෙන පිබිදීම අඛණ්ඩව පවත්වා ගැනීමට නම් කලානුරූපි ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව කොළඹ විශ්ව විiාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසනවා.
මේ අතර එල්ටීටීඊයේ ත්‍රස්තවාදය නිසා ඇති වූ තවත් භයානක ප්‍රතිඵලයක් වන්්නේ සිංහල සහ දෙමළ වැසියන් අතර අවිශ්වාසයයි.අවිශ්වාසය දුරුවෙමින් ඇතත් එම ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා තවමත් දැඩි වී නොමැති බව නීතිඥ ගෝමින් දයාසිරි මහතා පෙන්වා දෙනවා.දෙමළ වැසියන්ගේ ගැටලූවලට ආණ්ඩුව තවමත් ස්ථිර විසදුමක් ලබානොදීම ඊට හේතුව බවයි ගෝමීන් දයාසිරි මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එල්ටීටීඊයට එරෙහි මෙහෙයුම්වලදී යුද අපරාධ සිදුකළ බවට නැගෙන චෝදනාද ශී‍්‍ර ලංකාව හමුවේ ඇති ප්රමුඛ අභියෝගයක්. එය ජයගත හැක්කේ නැගෙන චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් බව ගොමීන් දයාසිරි මහතා පෙන්වා දෙනවා. තවත් විද්වතුන් බොහෝ දෙනෙකුද සිටින්නේ එම ස්ථාවරයේයි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණද අඩුවැඩි වශයෙන් ඊට සමාන ස්ථාවරයක සිටිනවා. ආණ්ඩුව පවසන්නේ රටේ පවතින සැබෑ තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුනු දක්වන බවයි.උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමද ප්රගතිශීලි ප්‍රවේශයක් බව ආණ්ඩුව පවසනවා.
0 comments:
Post a Comment