A/L ප‍්‍රථිපල තවත් පරක්කුයි

Friday, December 23, 2011

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රථිපල නිකුත් කිරීම තවත් දින කිහිපයක් ප‍්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඉසෙඞ් ලකුණු තීරණය කිරීමේ සූත‍්‍රය සම්බන්ධයෙන් එකගතාවක් ඇති කරගැනීමට මෙතෙක් නොහැකි වීම ඊට හේතුවයි. 
සූත‍්‍රය කෙසේ සකස් විය යුතුදැයි නිර්දේශ කිරීම සදහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. කරුණු අධ්‍යනය කිරීමට තවත් කාලය අවශ්‍ය යැයි එම කමිටුවෙන් දැනුම් දීමක් කෙරුණු බවයි විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසන්නේ. කමිටුව විසින් ඉදිරිපත් කෙරෙන නිර්දේශ නීතිපතිවරයාට යොමු කළ යුතු යැයි විශ්ව විiාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව ඉල්ලා සිටි බව ද අනුර එදිරිසිංහ මහතා පවසනවා. එබැවින් ප‍්‍රථිපල නිකුත් කිරීමට හැකිවන්නේ නීතිපතිවරයාගේ උපදෙස් ද ලැබීමෙන් පසුව බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum