ඉන්දීය සමාගමක් වන අල්රීටා ෆාමා විසින් නිපදවනු ලබන සයික්ලොස්පොරීන් නම් ඖෂධය රජයේ හෝ පෞද්ගලික රෝහල්වල භාවිතයට ගැනීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කෙරුණා. ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝගයකට අනුවයි. වකුගඩු බද්ධ කිරීමක දී එලෙස බද්ධ කෙරෙන වකුගඩුව සිරුරෙන් ප‍්‍රතික්ෂේප වීම වළක්වාලීම සදහා එම ඖෂධය ලබාදෙනවා. එහෙත්, එහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සැක පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. වැඩිදුර පරීක්ෂණ පවත්වන්නැයි ජාතික ඖෂධ තත්ව ආරක්ෂන රසායනාගාරයට උපදෙස් ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
0 comments:
Post a Comment