ගැමුණුට මරණ තර්ජන

Friday, December 16, 2011

තමන්ට දුරකතනයෙන් ඊයේ (15) රාති‍්‍ර කිසිවෙකු මරණ තර්ජන කර ඇති බවට ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මිරිහාන පොලීසියට පැමිණිලි කර තිබෙනවා. බස් වර්ජන සිදු නොකරන ලෙස තමන්ට පුද්ගලයෙකු දුරකතනයෙන් තර්ජනය කළ බවයි විජේරත්න මහතා සඳහන් කළේ.
මේ අතර කළුතරින් ආරම්භ වන පෞද්ගලික බස් රථ සේවා අද (16) පෙරවරුවේ සිට වර්ජනයක් අරඹා තිබෙනවා. බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරයා විසින් ලබාදී ඇති නීති විරෝධී මාර්ග බලපත‍්‍රයකට එරෙහිව වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum