පිළිකා මර්දනයට සියඹලා , දෙළුම් සහ උගුරැස්ස.

Wednesday, December 21, 2011

සියඹලා , දෙළුම් සහ උගුරැස්ස යන දේශීය පළතුරුවලින් පිළිකා මර්දනය කෙරෙන බව නවතම පර්යේෂණයකින් හෙළිව තිබෙනවා. එම පර්යේෂණය මෙහෙයවනු ලැබූයේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ කථිකාචාර්ය මධුමනී අමරරත්න මහත්මිය විසින්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුද ඊට එක් වුණා. ඌණ භාවිත පළතුරු වර්ග කිහිපයක් පර්යේෂණයට ලක් කළ බවයි මධුමනී අමරරත්න මහත්මිය පවසන්නේ.




හෘදයාබාධ සහ දියවැඩියාව වළක්වාලීමේ හැකියාවද සියඹලා , දෙළුම් සහ උගුරැස්ස යන පළතුරුවල තිබෙන බව තහවුරු වී තිබෙනවා. පර්යේෂණයට ලක් කළ සෙසු පළතුරු වන්නේ පේර, දෙහි, දිවුල්, ඇඹුල් කාබරංකා සහ බිලිං. පර්යේෂණය තවදුරටත් ව්‍යාප්ත කරමින් වෙනත් පළතුරුද ඇගයීමට ලක් කළහොත් රෝග මර්දන හැකියාව සහිත තවත් පළතුරු වර්ග හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි මධුමනී අමරරත්න මහත්මිය විශ්වාසය පළ කරනවා.

1 comments:

  1. කටුපිල වලටත් ඇන්ටි-කැන්සර් ගති තියනව කියල අන්න දොස්තර කෙනෙක් පේටන්ට් ගන්න යනවා.(ඌන පූර්ණය:- රිසර්ච් කලේ කැම්පස් කොල්ලො, නම යන්නෙ දොස්තරගේ විතරයි)

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum