කරු ජයසූරිය මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වෙන්කර තිබූ කාර්යාලය තමන් වෙත භාර දෙන්නැයි සජිත් පේ‍්‍රමදාස මහතා විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව එම කාර්යාලය ලබන වසරේ සිට සජිත් පේ‍්‍රමදාස මහතාට භාර දෙන බවයි ජෝන් අමරතුංග මහතා පැවසුවේ. එතෙක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන්නේ කරු ජයසූරිය මහතා බැවින් කාර්යාලයද ඒ මහතාගේ භාරයේ පවතිනු ඇතැයි ජෝන් අමරතුංග මහතා පැවසුවා. කෙසේ වෙතත් එම කාර්යාලය ඊයේ සිට වසා දමා ඇති බවයි නෙත් ඬේ ටයිම් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පවසන්නේ. කරු ජයසූරිය මහතාට අයත් ලිපිලේඛන ඉන් ඉවත්කර ගෙන තිබෙනවා.
0 comments:
Post a Comment