අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට් ශේ‍්‍රණිගත කිරීමේ සටහනේ ශී‍්‍ර ලංකාව තවදුරටත් පහත බැස තිබෙනවා. නවතම ශේ‍්‍රණිගත කිරීම්වලට අනුව ශී‍්‍ර ලංකාවට හිමිව ඇත්තේ හයවැනි ස්ථානයයි. පසුගියවර පස්වැනි ස්ථානයේ සිටි ශී‍්‍ර ලංකාව එම ස්ථානය කරා පසුබසිද්දී පකිස්තානය හයවැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා පෙරට පැමිණ තිබෙනවා. බංග්ලාදේශය සමග පැවත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගයත් ඊයේ අඛණ්ඩව ජයග‍්‍රහණය කිරීමට ඔවුන් සමත් වීම ඊට හේතුවයි. ටෙස්ට් ශේ‍්‍රණිගත කිරීමේ සටහනේ එංගලන්තය පළමු ස්ථානයේ පසුවන අතර , දෙවන 3 වන සහ සිවුවන ස්ථාන පිළිවෙළින් හිමිවී ඇත්තේ ඉන්දියාව, දකුණු අපි‍්‍රකාව සහ ඔස්ටේ‍්‍රලියාවටයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම මෑත භාගයේ ටෙස්ට් ශේ‍්‍රණිගත කිරීමක පහතටම ඇදවැටුණු පළමු අවස්ථාවද මෙය වනවා. එය සිදු වූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉතිහාසයේ ටෙස්ට් හොඳම ශේ‍්‍රණිගත කිරීමට ලක් වී වසරක් ඇතුළත වීමත් විශේෂත්වයක්.
ටෙස්ට් ශේ‍්‍රණිගත කිරීම් සටහන
01. එංගලන්තය - 125
02. ඉන්දියාව - 118
03. දකුණු අපි‍්‍රකාව - 116
04. ඔස්ටේ‍්‍රලියාව - 103
05. පකිස්තානය - 99
06. ශී‍්‍ර ලංකාව - 99
07. බ.ඉ. කොදෙව් - 88
08 නවසීලන්තය - 83
09. බංග්ලාදේශය - 4
0 comments:
Post a Comment