හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට බරපතල වැඩ සහිත මාස 30 සිරදඩුවමක් නියම කරමින් දෙවන යුද අධිකරණය ලබාදුන් තීන්දුව අභියාචනාධිකරණය අද අනුමත කළා. ඒ, සිරදඩුවමට එරෙහිව සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් නිෂ්ප්රභ කරමින්. එරික් බස්නායක, ඒ.ඩබ්ලිව්.එම් සලාම් සහ උපාලි අබේරත්න යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම පෙත්සම සළකා බැලූණා. විනිසුරු මඩුල්ලේ ස්ථාවරය වූයේ පෙත්සමෙන් වැඩි කොටසක් වෙන් කර තිබුණේ දෙවන යුද අධිකරණයේ විනිසුරුවන් ද්වේශ සහගතව ක්රියාකළේ යැයි කරුණු දැක්වීමට බවයි. එහෙත්, ඔවුන් විසින් ලබාදුන් තීන්දුව නිවැරදි නොවන බවට තහවුරු කිරීම ස`දහා ප්රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොතිබූ බව ප්රකාශ කෙරුණා.
මේ බව දැනගත් විගස සරත් ෆෝන්සේකා මහතාගේ ආධාරකරුවන් පිරිසක් ඝෝෂා කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කළා. අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව පිළිගත නොහැකි බවයි ඔවුන් ප්රකාශ කළේ.
0 comments:
Post a Comment