උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ වාර්තාවට නිරීක්ෂණ හා නිර්දේශ 285 ක් ඇතුළත්. මේ ඉන් සමහරක්.
- අතුරුදන් වූ බවට පැමිණිලි ලැබෙන සෑම පුද්ගලයෙකුම සම්බන්ධයෙන්ම විමර්ශනය කිරීමට විශේෂ කොමසාරිස්වරයෙකු පත්කිරීම.
- පුද්ගලයන් අතුරුදන් කිරීම සාපරාධි අපරාධයක් ලෙස දක්වමින් නීති සකස් කිරීම.
- ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ මහජන ආරක්ෂක පන්තේ කිසියම් රෙගුලාසියක් යටතේ අත්අඩංගුවට ගන්නා සහ රදවාගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත්කිරීම.
- මානව හිමිකම් සම්බන්ධයෙන් පාසල් සිසුන් තරුණ කොටස් ආරක්ෂක සේවා සහ පොලිසිය දැනුවත් කිරීම තවත් නිර්දේශයක්.
- යුද්ධයේ අවසන් වකවානුවේ දී රෝහල් කිහිපයකට ෂෙල් ප්‍රහාර එල්ල වූ බව ද එහෙත් එම ප්‍රහාර එල්ල කරන ලද්දේ කුමන පාර්ශවයක් දැයි පැහැදිලි නොවන බව ද වාර්තාවේ දක්වා තිබෙනවා. කෙසේ වෙතත් අගතියට පත් පුද්ගලයන්ට කඩිනමින් සහන සපයා දියු යුතු බව.
- යුද්ධය අවසන් වකවානුවේදී ශ්‍රී ලංකා හමුදාවන් විසින් මෙහෙයුම් සිදුකළේ සිතාමතාම මන්දගාමීව බව කොමිසමේ තවත් නිරීක්ෂණයක් වනවා. එහි අපේක්ෂාව වූයේ සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කිරීම බවයි වාර්තාවේ දක්වා තිබෙන්නේ.
- ශ්‍රී ලංකා හමුදාවන් විසින් යුද මුක්ත කලාපයට සිතාමතා ප්‍රහාර එල්ල නොකළ බවත් එහෙත්, ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සමානුපාතිකත්වයේ මූලධර්මය ඉක්මවා යාමක්දැයි සැකසිතෙන බවත්. කෙසේ වෙතත් උද්ගත වූ තත්වය සැකිමේ දී ශ්‍රී ලංකා හමුදාවන්ට වෙනත් විකල්පයක් නොවූ බවයි කොමිසමේ නිරීක්ෂණය වන්නේ.
- එල් ටී ටී ඊ ය විසින් ජාත්‍යන්තර මූලධර්ම නිහීන ලෙස උල්ලංඝනය කර තබෙනවා.
ඔවුන් මිනිස් පළිහක් ලෙස යොදා ගැනීම
යුද්ධයේ අවසන් වකවානුවේ දීත් කුඩා ළමයින් සොල්දාදුවන් ලෙස යොදවා ගැනීම
මරාගෙන මැරෙන ප්‍රහාර.
- එල් ටී ටී ඊ යේ දුෂ්ඨ ක්‍රියාකාරකම්වලට එරෙහිව නිර්භය ලෙස පෙනී නොසිටීම නිසා දෙමළ දේශපාලන නායකයන් ද උද්ගත වූ ඛේදනීය තත්වයට වගකිව යුතු බව.
- මතභේදාත්මක චැනල් ෆෝ වැඩසටහන සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීම.
0 comments:
Post a Comment