ප්ලාස්ටික් කූඩ නැතුවට කමක් නැහැලු.......

Wednesday, December 14, 2011

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කළ නීතිය තවදුරටත් පිළිපැදිය යුතු නැතැයි යුද හමුදාව දඹුල්ලේ ගොවීන්ට සහ ව්‍යාපාරිකයන්ට අද උපදෙස් ලබාදුන්නා. ඒ අනුව අද අලූයම දක්වා වසා දමා තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දැන් විවෘත කර තිබෙන බවයි වාර්තා වුණේ.








කෙසේ වෙතත් එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කළ නීතිය මෙතෙක් නිල වශයෙන් ඉවත් කර නැහැ. ඊට විරෝධය පළ කරමින් ප‍්‍රදේශ කිහිපයක තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. පිටකොටුව මැනින් වෙළෙඳපොළ ව්‍යාපාරිකයන් උද්ඝෝෂණයක නිරත වන්නේ පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටයි.මැනිං වෙළෙඳපොළ සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.
කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා සහ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර මුජබර් රහුමාන් මහතාද මෙම ස්ථානයට පැමිණියා.  

මෙම උද්ඝෝෂණ නිසා පිටකොටුව ප‍්‍රදේ්‍ශයේ දැඩි රථ වාහන තදබදයක්ද පවතිනවා. කලහකාරි තත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා හමුදා බලඇණිද කැඳවා සිටින බවයි වාර්තාවන්නේ.
මේ අතර නුවරඑළිය ආගරපතන සහ ඇඹිලිපිටිය ප‍්‍රදේශයේද මෙවැනිම උද්ඝෝෂණයක් සිදු කෙරෙනවා.



0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum