තංගල්ල ප්රදේශයේ සංචාරය හෝටලයක දී බි්රතාන්ය ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්රි (දෙසැ 25) පොලිසියට භාර වුණා. ප්රධාන සැකකරු ඔවුන් අතර නොවන බවයි පොලිස් ප්රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ. සැකකරුවන් පළාගිය වාහනය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. තංගල්ල විතාරන්දෙණිය ප්රදේශයේ දී එම වාහනය සොයා ගත් බවයි ප්රකාශ කෙරුණේx එහි සටහන් ඇගිලි සළකුණු සහ වෙනත් කරුණු විශේෂඥයන් ලවා පරීක්ෂා කරවන බව පොලිස් ප්රකාශකවරයා පැවසුවා.
මේ අතර ඝාතනයට ලක්වූ බි්රතාන්ය ජාතිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරුණු කරාපිටිය ශික්ෂණ රෝහලේ දීයිx මරණයට හේතුව තියුණු ආයුධයකින් කෙරුණු පහරදීමක් බව එහි දී තහවුරු වුණා.ඝාතනයට ලක් වූ බි්රතාන්ය ජාතිකයා වෙඩි තැබීමකට ද ලක්ව ඇති බවයි වැඩිදුරටත් තහවුරු වුණේ. තුවාල ලැබූ ඔහුගේ පෙම්වතිය කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවාx රුසියානු සම්බවයක් ඇති ඇය ඊයේ පස්වරුවේ සැත්කමකට භාජනය කළ බවයි වෛiවරුන් පවසන්නේx පසුව පොලිසිය විසින් ඇගෙන් ප්රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
0 comments:
Post a Comment