අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපල දැන් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග අංකය ඇතුළත් කර ප්‍රථිපල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර විශ්ව විiාල ප්‍රවේශය සදහා වන ඉසෙඞ් ලකුණු පැරණි හා නව නිර්දේශයට වෙන් වෙන්ව නොව ඒකාබද්ධව ගණනය කර තිබෙනවා. ප්‍රථිපල ප්‍රමාදවූයේ එම ගණනය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ විශ්ව විiාල ප්‍රතිපාදන කොමිසම් සභාව අතර පැවති පරස්පරතා හේතුවෙන්. රාජ්‍ය ආයතනවල පරස්පරතා නිසා අවසානයේ දී පීඩාවට පත්වූයේ විභාග අපේක්ෂකයන් සහ ඔවුන්ගේ මව්පියන් බව ලංකා ගුරු සංගමය පවසනවාx එහි සභාපති ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසුවේ නිකුත් තර ඇති ප්‍රථිපලවල ඉසෙඞ් ලකුණු ගණනය කළේ කෙසේදැයි සැක පවතින බවයිග එබැවින් එම ගණනය කරන ලද්දේ කසේ දැ යි පැහැදිලි කිරීමක් කඩිනමින් අවශ්‍ය බව අවධාරණය කෙරුණ.
0 comments:
Post a Comment