රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයින් 16 දෙනකු ඇප මත අද නිදහස් කෙරුණා. ඒ, ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි. නුගේගොඩ මහේස්ත‍්‍රාත් අනුර හේරත් මහතා විසින් මෙලෙස ඔවුන්ට ඇප ලබා දුන්නා. දෙපාර්ශ්වයක් ගැටී ඇති බැවින් එක් පාර්ශ්වයකට පමණක් චෝදනා නැගීම සාධාරණ නොවන බවයි නීතිඥවරුන් කියා සිටියේ. මෙම එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයින් 16 දෙනා අත්අඩංගුවට ගැනුණේ සිරිකොත මන්දිරයට ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්. පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන මෛත‍්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක සහ හොරණ සංවිධායක රවී ජයවර්ධන යන මහත්වරුන් ද සැකකරුවන් අතර සිටියා.
0 comments:
Post a Comment