ජ'පුර සරසවි සිසු මර්ධනය ගැන පොලීසියට හා හමුදාවටත් චෝදනා

Saturday, January 07, 2012

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙකුට ඊයේ (ජන 06) රාති‍්‍රයේ සිදු වූ පහරදීම සම්බන්ධයෙන් පොලීසියට සහ යුද හමුදාවටද චෝදනා එල්ල වනවා. අන්තර් විශ්ව විiාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවසුවේ විශ්ව විiාල පරිශ‍්‍රයේ පිහිටුවා ඇති විරු සිසු ස්මාරකයට කෙරුණු පහරදීමටද යුද හමුදාව සම්බන්ධ වූ බවයි. ශිෂ්‍යයන් මර්දනය තවමත් නතර වී නැතැයිද අසත්‍ය චෝදනා නගමින් ශිෂ්‍ය කි‍්‍රයාකාරින් අත්අඩංගුවට ගැනීමට කුමන්ත‍්‍රණයක් සිදුවෙමින් ඇතැයිද සංජීව බණ්ඩාර චෝදනා කළා. 

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මෙම චෝදනා ප‍්‍රතික්‍ෂ්ප කරන බව පොලීසිය පවසනවා. පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ ඊයේ රාතී‍්‍ර සිදු වූ පහරදීම සම්බන්ධයෙන් විමර්ශන දැනටමත් ආරම්භ කර ඇති බවයි.



මේ අතර ශී‍්‍ර ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් ඊයේ දහවල් සිට සත්‍යග‍්‍රහයේ නිරත වනවා. එම විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කිඹුලාවැවේ චන්දානන්ද හිමියන් පැවසුවේ උපකුලපතිවරයා ඉවත් කරන තෙක් සත්‍යග‍්‍රහය අවසන් නොකරන බවයි. 

උප කුලපතිවරයා ඉවත් කරන්නැයි බලකරමින් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් ඉකුත්දා එම විශ්ව විද්‍යාලයේ සිට කොළඹට පා ගමනකද නිරත වුණා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum