අධ්‍යයන පොදුසහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් අපේක්ෂකයන්ගේ පැමිණිලි භාර ගැනීම අද මධ්‍යහ්නයෙන් අවසන් වුණා. ජනාධිපති කමිටුවේ සභාපති ධාරා විජේතිලක මහත්මිය පැවසුවේ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවමත් නිශ්චිතව කිව නොහැකි බවයි. කෙසේ වෙතත් එම පැමිණිලි වර්ගීකරණය දැනටමත් ආරම්භ කර ඇතැයි ද THE TRUTH කළ විමසීමකදී ඇය පැවසුවා. වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ දිස්ති‍්‍රක් ශ්‍රේණි සම්බන්ධයෙන් බවයි එහිදී පෙනී ගොස් ඇත්තේ. කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීමද සිදු කෙරෙමින් තිබෙනවා. ලබන සතියේදී එම වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට අදහස් කරන බවයි කමිටුවේ සභාපති ධාරා විජේතිලක මහත්මිය පැවසුවේ.
0 comments:
Post a Comment