විදුලි සේවකයෝ සියයට 18 මදි කියති

Friday, January 13, 2012

සියයට 18ක වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය පිළිගත නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ, ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති පවසනවා. විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ එම ආයතනවල සේවකයන්ට සියයට 45ක වැටුප් වර්ධකයක් ලබාදිය යුතු බවයි. එසේ නොවුණහොත් ලබන 18 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ සිට අතිකාල රාජකාරීවලින් ඉවත් වන බව සන්ධානයේ කැඳවුම්කරුවෙකු වන රංජන් ජයලාල් මහතා ප‍්‍රකාශ කළා. 
අතිකාල රාජකාරීවලින් ඉවත් වීම ප‍්‍රමාණවත් නොවුණහොත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක්ද ආරම්භ කරන බව ප‍්‍රකාශ කෙරුණා. දැනට ගෙන ඇති කැබිනට් තීරණය අවලංගු කර සියයට 45ක වැටුප් වර්ධකයක් ලබාදීමට ඊට පෙර කටයුතු කරන ලෙසයි රංජන් ජයලාල් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum