කොටි ලේබලය ගලවා ගැනීමට අන්තරේ අධිකරණයට

Friday, January 13, 2012

ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව ආණ්ඩුව නගන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර  කොළඹ ඊයේ (ජන 12) පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඒ බව ප‍්‍රකාශ කළා. ශිෂ්‍ය ව්‍යාපාර මෙහෙයවනු ලබන්නේ හිටපු එල් ටී ටී ඊ ක‍්‍රියාකාරින් බවට ආණ්ඩුව මෙන්ම ඇතැම් රාජ්‍ය මාධ්‍ය වලින් ද චෝදනා කෙරෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ශිෂ්‍ය නායකයන්ට අපහාස කෙරෙන බව ද ප‍්‍රකාශ කෙරුණා.
ආණ්ඩුවේ සහ ඇතැම් රාජ්‍ය මාධ්‍යයන්ගේ මෙම අසත්‍ය ප‍්‍රකාශවලට සහ අපහාසවලට එරෙහිව නීතියෙන් සරණ පතන බවද සංජීව බණ්ඩාර ප‍්‍රකාශ කළා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum