වෑන් එකක් ගිනි අරගෙන - 4 ක් මරුට

Thursday, January 26, 2012

දියගම , ඇලමෝදර ප‍්‍රදේශයේදී වෑන් රථයක ඊයේ (ජන 25) රාතී‍්‍ර හටගත් ගින්නකින් එහි ගමන් ගත් පුද්ගලයින් සිවුදෙනෙකු පිළිස්සීමෙන් මියගොස් තිබෙනවා. THE TRUTH වාර්තාකරු පැවසුවේ තුවාල ලැබූවන් හත්දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බවයි. මියගිය එක් අයෙකු  වයස අවුරුදු 6 ක දැරියක්. වයස අවුරුදු 11 ක දරැවෙකුද මියගියා. තුවාල ලැබූවන් අතර වයස අවුරැදු 7 ක දරුවෙක්, අවුරුදු 1 යි මාස 9 ක දැරියක් හා අවුරුදු 10 ක දැරියක් ද සිටිනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ වෑන් රථයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුව ලෙස සැක කරන බවයි. උතුරු කළුතර පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ ක‍්‍රි‍්‍රයාත්මක කරන බවද ඔහු සඳහන් කළා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum