මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ ශී‍්‍ර ලංකාව පසුබෑමකට ලක්ව තිබෙනවා. දේශසීමා රහිත වාර්තාකරුවන් නමැති සංවිධානය සකස් කළ මෙම දර්ශකයේ ශී‍්‍ර ලංකාවට හිමිව ඇත්තේ 163 වැනි ස්ථානයයි. 2010 වසරේදී ශී‍්‍ර ලංකාව රටවල් 178ක් අතරින් ශ්‍රේණිගත කෙරුණේ 158 වැනි ස්ථානයටයි. ඒ අනුව ඉකුත් වසරේදී ශී‍්‍ර ලංකාව ස්ථාන 5කින් පසුබැස ඇතැයි එම වාර්තාවේ සඳහන්. ලොව මාධ්‍ය නිදහස සුරක්ෂිතම රාජ්‍ය ලෙස එමගින් හඳුන්වාදී ඇත්තේ ෆින්ලන්තය සහ නෝර්වේ රාජ්‍යයි. අමෙරිකාව මෙම දර්ශකයේ 47 වැනි ස්ථානය දක්වා පසුබැස සිටිනවා. දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ගෙන සිටින්නේ භූතානය වන අතර ඔවුනට මෙම දර්ශකයේ 70 වැනි ස්ථානය හිමිව තිබෙනවා. මාලදිවයිනට හිමි වූයේ 73 වැනි ස්ථානයයි. නේපාලය 106 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය 129 වැනි ස්ථානයටත් ශ්‍රේණිගත කෙරුණා. ඉන්දියාව 131 වැනි ස්ථානයටත්, පකිස්තානය 151 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර තිබෙනවා.
0 comments:
Post a Comment