මතභේදයට ලක් වූ සොපා සහ පිපා යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් යෝජිතව තිබූ දෙදින විවාදය අත්හිටුවීමට අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම පනත් කෙටුම්පත් බලාත්මක කළහොත් අන්තර්ජාලයෙන් තොරතුරු හුවමාරු කර ගැනීමට අවහිරතා සිදුවන බවයි පරිගණක විශේෂඥයන් පැවසුවේ. එබැවින් එම කෙටුම්පත් ඉවත්කර ගන්නැයි බල කරමින් විකිපීඩියා ඇතුළු වෙබ් අඩවි කිහිපයක් ඉකුත්දා විරෝධතාවකද නිරත වුණා. ලෝකයේ ජනපි‍්‍රයම විශ්ව කෝෂයක් වන විකිපීඩියා වෙබ් අඩවිය විරෝධතාවයේ නිරත වූයේ පැය 24ක් සේවා අත්හිටුවමින්. අමෙරිකානු ආණ්ඩුව ඊට ප‍්‍රතිචාර නොදැක්වුවහොත් යූ ටියුබ් සහ ගූගල් යන වෙබ් අඩවිද එලෙස විරෝධතාවයට එක්වනු ඇතැයි අනතුරු ඇඟවුණා.
කෙසේ වෙතත් යෝජිතව තිබූ දෙදින විවාදය අත්හිටුවීම යනු කෙටුම්පත් සම්පූර්ණයෙන් ඉවත්කර ගැනීමක් නොවන බවයි අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලය පවසන්නේ.
0 comments:
Post a Comment