ඕස්ටේ‍්‍රලියානු අගමැතිනිගේ සපත්තුව නැතිවෙලා

Thursday, January 26, 2012

ඕස්ටේ‍්‍රලියානු අගමැතිනි ජුලියා ගිලාඩ අද පැවති උද්ඝෝෂණයකට මැදිවීමෙන් බිම ඇඳ වැටුණා. එරට මාධ්‍ය වාර්තා කළේ කැන්බරා නුවර පැවති ජාතික පදක්කම් පිරිනැමිමේ උත්සවයකට අගමැතිනිය සහභාගි වු අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුවු බවයි. බිම ඇඳ වැටිමෙන් පසු ඇයගේ සපත්තුවක් ද අස්ථාන ගත වී ඇතැයි විදෙස් පුවත් සේවා සඳහන් කළා. උත්සවය අවසානයේ ආරාධිතයින් සඳහා තේ පැන් සංග‍්‍රහයක් පවත්වා තිබෙනවා. එම ස්ථානයට පැමිණි එරට ආදිවාසින් වන ඇබෝජිවරුන් උද්ඝෝෂණයක් පැවැත්වුවා. එම උද්ඝෝෂණයේ නිරතව සිටි ආදිවාසීන්ට විපක්‍ෂ නායක ටෝනි ඇබ්‍රෝයිඞ් විහිළු කිරීම හේතුවෙන් ඔවුන් කුපිත වී පහර දී තිබෙනවා. එම අවස්ථාවේදී අගමැතිනිය ඇඳ වැටුණු බව සඳහන්. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum