මැගසීන් ගින්න නිසා නඩු පරක්කු වෙයිලු

Wednesday, January 25, 2012

නව මැගසින් බන්ධනාගාරයේ ඊයේ (ජන 25) ඇති වු නොසන්සුන්තාවයේ දී රැඳවුවන් විසින් කාර්යාලයීය කාමරයට ගිනි තැබීම නිසා ලිපි ගොනු බොහෝමයක් විනාශ වු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස විනාශ වු ලිපි ගොනු රැඳවුවන්ගේ විස්තර සහ නඩු වාර්තායි. එනිසා රැඳවුවන්ගේ නඩු කටයුතු ප‍්‍රමාද වනු ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පී.ඩබ්ලිව්.කොඩිප්පිලි මහතා පවසනවා. 
නොසන්සුන්තාව ඇති වුයේ අලූතින් පත්ව ආ බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව රැඳවුවන්ගේ විරෝධතාවක් නිසායි. කෙසේ වෙතත් එම බන්ධනාගාර අධිකාරිවරයා කාර්යාක්‍ෂම නිලධාරියෙකු බව පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පවසනවා. 

කෙසේ වෙතත් රැඳවුවන්ගේ ඉල්ලීම් මොනවාදැයි සොයා බලන බවත් ඒවායින් සාධාරණ යැයි හැඟි යන ඒවා නොපමාව ඉටු කරන බවත් අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා ප‍්‍රකාශ කළා. 

මේ අතර ඊයේ ඇති වු නොසන්සුන්තාවයේ දි තුවාල ලැබු රැුඳවුවන් 25 දෙනකු සහ බන්ධනාගාර නිලධාරින් 04 දෙනකු කොළඹ ජාතික රෝහලේ තව දුරටත් ප‍්‍රතිකාර ලබනවා. ඔවුන්ගෙන් දෙදෙනකු බරපතල තුවාල ලැබුවන් බවයි එම රෝහලේ ප‍්‍රකාශකයකු පැවසුවේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum