දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප‍්‍රවාහනය සඳහා වෑන් රථ ද යොදවා ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ එම මාර්ගයේ මගී ප‍්‍රවාහනයේදි ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ද වංචාවක් සිදුකරන බවයි. එම මාර්ගයේ මගී ප්‍රවාහනය සදහා අයකරන ගාස්තු ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවයි ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.
ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට වඩා අඩු ගාස්තුවකට දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ බස් රථ ධාවනයට ආණ්ඩුවෙන් ඉල්ලීම් කළ බව ද ගැමුණු විජේරත්න මහතා සිහිපත් කළා. මෙම ඉල්ලීමට අවසර නොදීම සහ ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් ජාතික බස් ගාස්තු ප‍්‍රතිපත්තිය උල්ලංගණය කිරීමට විරෝ්ධය පාමින් නඩු පවරන බව ද ප‍්‍රකාශ කෙරුණා.
0 comments:
Post a Comment