බ්‍රෝඞ්බෑන්ඞ් නියාමනයටත් කෙටුම්පතක්.

Friday, January 13, 2012

පුළුල් පරාස අන්තර්ජාල සේවාවන්ගේ නියාමනයක් ඇති කිරීමට කෙටුම්පතක් සකස් කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසුවේ එම කෙටුම්පත මගින් පුළුල් පරාස අන්තර්ජාල සේවාවක වේගය සහ මිල ගණන් සම්බන්ධයෙන් රෙගුලාසි පනවන බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එම කෙටුම්පත දුරකතන සමාගම්වල අවධානයට යොමු කරන බවද ප‍්‍රකාශ කෙරුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum