අමෙරිකානු රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින් හතර දෙනෙකු ඉදිරි දින කිහිපයේදී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාය මාර්ගික අධ්‍යයන කටයුතු පිළිබඳ මැදපෙරදිග හා දකුණු ආසියානු මධ්‍යස්ථානයේ ජේම්ස් ඒ ලාරොකො මහතා ඔවුන්ගෙන් කෙනෙක්. ලබන 15 වැනිදා ඒ මහතා ශී‍්‍ර ලංකාවට පැමිණෙන බව ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා. අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ අපි‍්‍රකා, මැදපෙරදිග සහ දකුණු ආසියාව පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් හොලී විනියාඞ් මහත්මිය ලබන 17 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණිමට නියමිතයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් ආචාර්ය ඇලීසා එයර්ස් මහත්මිය ලබන 18 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණෙනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් තෝමස් ඕ මෙලියා මහතා ලබන 20 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතයි. දේශපාලන නායකයන් , රාජ්‍ය නිලධාරීන් ව්‍යාපාරිකයන් සහ සිවිල් කි‍්‍රයාකාරීන් සමග සාකච්ඡුා කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වනවා.
0 comments:
Post a Comment