ඇලමෝදර දී ගිනිගත් වෑන්රථයේ විඩියෝව

Saturday, January 28, 2012

වාහනවල සිදු කරන නවීකරණයන් එහි මගීන්ට වෙනත් වාහනවලට හෝ පදිකයන්ට අන්තරාදායක නොවිය යුතු බව පොලීසිය අවධාරණය කරනවා. කිසියම් වාහනයක අන්තරාදායක නවීකරණයක් සිදු කර ඇත්නම් ඒවායේ හිමිකරුවන් නීතිය හමුවට පමුණුවන බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ. 

මේ අතර ඇලමෝදර ප‍්‍රදේශයේදී වෑන් රථයක් ගිනි ගැනීමෙන් 4 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබූ අනතුරට හේතුවද අන්තරාදායක නවීකරණයක් බව පොලිස් විමර්ශනවලින් හෙළි වුණා. එහිදී සිදු කර තිබුණේ තාවකාලික පෙට‍්‍රල් ටැංකියක් ලෙස වෑන් රථය ඇතුළත සවි කළ බූලියක් යොදා ගැනීමයි. ගින්න ඇති වුණේ එහි සිදු වූ විදුලි කාන්දුවකින්. එහි දර්ශන පහත දැක්වෙනවා.



0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum