අපනයනයට ප‍්‍රමාණවත් වන තරම් කුකුළුමස් ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවේ තවමත් නිෂ්පාදනය නොකෙරෙන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඞී.ඞී. වනසිංහ මහතා පැවසුවේ දැනට කෙරෙන නිෂ්පාදනය දේශීය වෙළෙඳපොළේ අවශ්‍යතා සපුරාලීමට පමණක් ප‍්‍රමාණවත් වන බවයි.
මෙම වසරේ සිට කුකුළු මස් අපනයනය කිරීමට අපේක්ෂා කරන බව මහා භාණ්ඩාගාරය ඉකුත්දා ප‍්‍රකාශ කළා.THE TRUTH ඒ පිළිබඳ කළ විමසීමකදීයි ඞී.ඞී. වනසිංහ මහතා ඉහත අදහස් පළ කළේ.
කෙසේ වෙතත් ක‍්‍රමවත් සැලැස්මක් සකස් කර ඊට අනුව කටයුතු කළහොත් කුකුළුමස් අපනයනය වන අපේක්ෂා සඵල කර ගැනීමට හැකිවන බවයි ඞී.ඞී. වනසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
මේ අතර කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා ප‍්‍රමාණවත් තරම් බඩඉරිඟු දේශීය වෙළෙඳපොළේ නොමැති බවද ප‍්‍රකාශ කෙරුණා.
0 comments:
Post a Comment