අනුරාධපුර අභයගිරිය ස්ථුපය අසල නිධන් හෑරීමක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පුරාවිද්‍යා නිළධාරීන් පවසවා. අභයිගිරි ස්ථූපයට මීටර් 300 ක් පමණ උතුරු දෙසින් මෙම නිධන් හෑරීම සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අඩි 10 ක් පමණ ගැඹුරට සූක්ෂම ලෙස එම ස්ථානයේ කැණීම් සිදුකර තිබෙනවා. මෙම කැණීමේ දී පුරාවිද්‍යා ගොඩනැගිල්ලක කොටස් කීපයක්ද මතුව ඇති බව පුරාවිද්‍යා නිළධාරීන් පවසනවා. එම ස්ථානයේ තිබී නිධන් ලබාගැනීම පිළිබද මෙතෙක් කරුණු අනාවරණ වී නැහැ.
0 comments:
Post a Comment