ජන අරගල ව්‍යාපාරය නව දේශපාලන පක්ෂයක් ලබන මාසයේ දී ප‍්‍රකාශයට පත්කිරීමට සූදානම් වනවා. මෙම දේශපාලන පක්ෂයේ ප‍්‍රතිපත්ති, ඉදිරි වැඩපිළිවෙල සහ දේශපාලන උපාය මාර්ග පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වන බව සදහන්. නව දේශපාලන පක්ෂයේ නම මෙතෙක් තීරණය කර නොමැති බව ජන අරගල ව්‍යාපාරය සදහන් කළා. ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වී ගිය කුමාර් ගුණරත්නම් පාර්ශවය විසින් ජන අරගල ව්‍යාපාරය මෙහෙයවනවා. නව පක්ෂය පිහිටුවීමෙන් පසු එය ලියාපදිංචි කිරීමට ද පියවර ගන්නා බවයි ඔවුන් ප‍්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් එම ව්‍යාපාරයේ ආරංචි මාර්ග සදහන් කළේ කොමියුනිස්ට් පක්ෂය ලෙස එය නම් කිරීමට නියමිත බවයි.
0 comments:
Post a Comment