ලොව පුරා ජනප්‍රිය එක්ස් ෆයිල්ස් චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළි ජිලියන් ඇන්ඩර්සන් හෙවත් ස්කලීට අයත් රුපියල් ලක්ෂ 178ක් වංචා කළ බවට සැකකෙරෙන හිටපු හමුදා කපිතාන්වරයා ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න හමුවට අද යළි ඉදිරිපත් කළ අවස්ථාවේදීයග
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් සැකකරු දින 14කට යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා දින හතක් ඇතුළත විමර්ශන අවසන් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ දින හතක් දක්වා පමණයි
0 comments:
Post a Comment