මියන්මාරය සමග රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ආරම්භ කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඒ බව ඊයේ (ජන13) නිල වශයෙන් නිවේදනය කළ බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. මියන්මාරයට තානාපතිවරයෙකු නම් කරන බවද එරට තානාපතිවරයෙකුට අමෙරිකාවට ඇරයුම් කරන බවද හිලරි ක්ලින්ටන් නිවේදනය කර තිබෙනවා. එම නිවේදනය කෙරුණේ වසර ගණනාවක් තිස්සේ දේශපාලන සිරකරුවන්ව සිටි පිරිසක් නිදහස් කිරීමට මියන්මාර ආණ්ඩුව ඊයේ පියවර ගැනීමත් සමගයි. 88 පරම්පරාවේ ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් වූ මින් කෝ නැංග් , කෝ කෝ ගයි, කෝ ජිමි සහ නිලාර් තේන් එලෙස නිදහස ලැබූ කිහිපදෙනෙකු වනවා. බෞද්ධ භික්ෂුක් වහන්සේ නමක් සහ මාධ්‍යවේදීන් පස්දෙනෙකුද නිදහස ලැබූ බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. .
0 comments:
Post a Comment