අනර්කලී සමග විවාහයට රංජන් කැමැත්තෙන්

Saturday, January 21, 2012

රංජන් රාමනායක ජනප‍්‍රිය නළුවෙක්. චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්. දැන් දේශපාලකයෙක්. රිවිර සති අන්ත පුවතපත සමග කළ සංවාදයකින් කොටසක් මේ.

ටීචර්ගේ නඩුවට මොකද වුණේ.
ඒක බොරු නඩුවක්. පැමිණිලිකාරිය දවස් 11කට රිමාන්ඞ් කළා. මට වෙච්ච අපහාසයට කෝටි 50ක වන්දියක් ඉල්ලා මම නඩුවක් දැම්මා. තවම නඩු හබ ඉවරයක් නැහැ.

ඇයි මේ හිට හිරේ ඇඳුම් අඳින්නේ.
ඒ කියන්නේ ඔයා මගේ දිහා හොඳ බලලා තියෙනවා නේද ?  උස මහත සිරුරට මම ආසයි. හිරට ඇඳුම් අඳින්නේ උස මහත පේන්න.

ඔය විදියට ඇඟ හදාගන්න කැමැති කෙනෙකුට උපදෙස් ටිකක් දෙන්න බැරිද ?
හොඳ පෝෂණවේදියෙකුගෙන් උපදෙස් අරගෙන ශරීරය හදාගන්න. පාන්, නූල්ඞ්ස් කට්ලට් අයින් කරලා හොඳ සිංහල කෑම කන්න. කෘති‍්‍රම කායවර්ධන බෙහෙත් පාවිච්චි කරන්න එපා. ඒවායේ අතුරු ආබාධ ප‍්‍රතිඵල වැඩියි. ඇඟට දැනෙන් ව්‍යායාම් කරන්න. ධාර්මික වෙන්න. කෙටි මාර්ග හොයන්න එපා. සොබාදහමට එකඟව කායවර්ධනය කරන ගන්න.

චිත‍්‍රපටවල රඟපාන වීරයා  චරිතය සැබෑ ජීවිතයේදීත් රඟපානවද ?
මරාගෙන මැරෙන මිනිහෙන් විදියට ඇත්ත ජීවිතයේදීත් මම බොහෝ තැන්වලට කඩා පැනලා තියෙනවා. ඒ අසාධාරණයට විරුද්ධව. ඒ නිසා පිළිතුරු ‘‘ඔව්’‘.

ඇත්තටම මොකද මේ වීරයෙක් වෙන්න දඟලන්නේ.
පුංචි කාලේ ඉඳන් චිත‍්‍රකතා පත්තර බැලූ නිසා මම වීරයන්ට ආසයි. දුෂ්ටයන්ට ආසම නැහැ.

තුවක්කුවෙන් වෙඩි තියන්න පුළුවන්ද ?
පුළුවන් 1996 දී මම අවි ආයුධ ගැන පුහුණුවක් ලබලා තියෙනවා.

දේශපාලනයට ආපු නිසා කලාකාරයෙක් විදියට හදාගත්තු නම කැතවුණා කියලා හිතෙන්නේ නැද්ද ?
නෑ. මම අඛන්ඩව ජනපි‍්‍රය නළුවා ලෙස සම්මාන ලබනවා. ජනතාවගේ නළුවා මමයි. මම දේශපාලනයට ආවේ විජය කුමාරතුංග මහත්තයාට තිබුණු ඥාතීත්වය නිසයි. විවිධ පක්ෂ මත දරන අය මා දිහා වෛරයෙන් බලන්න පුළුවන්. ප‍්‍රශ්නයක් නැහැ.

කැමතිම නිළිය කවුද ? 
එදත් අදත් රමණි බර්තොලමියුස්

ඇත්ත වයස කීයද ?
අහන්න එපා. තවමත් චිත‍්‍රපටවල ‘‘කොල්ලට’’ විකිණෙන නිසා වයස කියන්න බෑ.

මොකද තවම කසාදයක් හරිගියේ නැත්තේ ?
මම බැඳීම්වලට කැමති නෑ. නිදහසට ගරු කරන නිසා මම ඒ ගැන උනන්දුවක් නැහැ.

අනර්කලීගෙන් විවාහ යෝජනාවක් ලැබුණොත් පිළිගන්නවද ?
දුමින්දත් නැති නිසා සලකලා බලන්න පුළුවන්. හඳහන සමග ඉදිරිපත් වෙන්න කියන්න.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum