ගුද මාර්ගයෙන් එළියට ආ රන් කාසි

Saturday, January 21, 2012

විදේශීය මුදල් සහ රන්කාසි තොගයක් නීති විරෝධීව ශී‍්‍ර ලංකාවෙන් බැහැරට රැගෙන යාමට උත්සහ කළ ඉන්දියානුවන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේදී අද අලූයම අත්අඩංගුවට ගැනුනා. ඔවුන් ළඟ තිබී සොයා ගත් විදේශීය මුදල් සියල්ල යූරෝ නෝට්ටු බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. ඒවායේ වටිනාකම රුපියල් පහලොස් ලක්ෂ හයදහසක් පමණ වනවා. රන්කාසි සඟවා තිබුණේ අත්අඩංගුවට ගැනුනු පුද්ගලයෙකුගේ ගුද මාර්ගයේයි. එවායේ වටිනාකම රුපියල් ලක්ෂ 33ක් පමණ වනවා. සැකපිට තවත් ඉන්දියානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බවයි ගුවන් තොටුපොළ රේගුව පවසන්නේ. ඔවුන්ට විරේක ඖෂධ ලබාදුන්නත් ප‍්‍රතිඵල නොලැබීම නිසා පරීක්ෂණ සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum